Thursday, April 30, 2009

ටාසන් බාප්පාගේ ආරක්ෂාව

අද කතාව ලියනා තුරු මේක බලා සැනසෙන්න.........

ඊයේ හවස බස් 1කෙ යනකොට ටාසන් බාප්පාව හම්බ උනා. සමහර විට මේ කතාව ඔයාල දන්නවත් ඇති.
කමක් නෑ නොදන්න අයට දැනගන්නත් එක්ක කියන්නම් කෝ.

ටාසන් බාප්පා රජ වෙලා.
ඔන්න ඉතින් ආරක්ෂාව ගැන බොහොම සැලකිලිමත් ආරක්ෂාව පිළිබඳව වෙනම ඇමති කෙනෙකුත් පත් කරලා තියෙන්නෙ.

මේ කතාව රජතුමා සහ ඇමතියා අතර සිදුවුන කතාවක්.

රජු(ඒ කියන්නෙ ටාසන් බාප්පා): මහ ඇමතිය, මගේ ආරක්ෂාව පිළිබඳව දැන් හොදට සැලකිලිමත්
වෙන්න ඕනෙ. විශේෂයෙන් ම පුපුරන ද්‍රව්‍ය පිළිබඳව.
මහ ඇමති : එසේ ය මහ රජ.
රජු : එසේය කියලා හරියන්නෑ. මගෙ ලඟට එන හැම කෙනෙක් ම හොඳින් පරීක්ෂා කරන්න
ඕනෙ පුපුරන ද්‍රව්‍ය ලඟ තබාගෙ අහුවුනොත් වහාම අල්ලා සිර කරනු.
මහ ඇමති : එහෙම කරන 1ක හරිද රජතුමනි
රජු :නැතුව මාව මරන්න එන එවුන් අල්ලගෙන හුරතල් කරන්නද යකෝ කියන්නෙ

ඔන්න ඉතින් දවසක් විදේශ රාජ්‍යක ප්‍රභූ කෙනෙක් එනවා පවුලේ කට්ටිය ම එක්ක රජතුමාව බැහැදකින්න.
රජතුමා බලාගෙන ඉන්නවා උන් ටික එනකල් ඒත් නෑ. මහ ඇමතියා උන්ව අල්ලලා හිර කරලා.
රජතුමාට මල පැනලා මහ ඇමතිට කතාකරලා අහනවා

රජු :මහ ඇමති කෝ අර මාව බැහැදකින්න ආව නියොජිතයා
ඇමති : රජතුමනි මන් උන්ව අල්ලලා හිරකලා
රජු :ඒ මොකද?
මහ ඇමති : රජතුමනි උන් ලඟ පුපුරන දව්‍ය තිබුනා.
රජු : මොනව! පුපුරන දව්‍ය.
මහ ඇමති : ඔව් රජතුමනි.
රජු : මොනවද? මොනවද? තිබුන පුපුරන දව්‍ය.
මහ ඇමති : රජතුමනි මහ සුද්දි අතේ තිබුනා අබ මල්ලක්
මහ සුද්ද අතේ තිබුනා පොරි මල්ලක්
ඇයි පොඩි සුදු පැටියා ලඟ තිබුනා ලොකු බැලුමක්
ඇයි රජතුමනි ඒ ඔක්කොම පුපුරන ද්‍රව්‍යනෙ
රජු : මල හත්තිලව්වේ.
මට නම් එපා......... වෙලා තියෙන්නෙ.

Wednesday, April 29, 2009

රා කළයට කිව්ව කවිය

මේක පොඩ්ඩාගෙ සීයලගෙ කාලෙ කතාවක් ,
ඒ කාලේ පොඩ්ඩගෙ ගමේ හිටියා මාටිං කියලා පොරක්
මිනිහා තමයි ගමට ම රා බෙදන්නෙ.
මේකයි කතාව. මිනිහා දවසක් හැන්දෑවක පැලට වෙලා ඉන්න ගමන් මෙහෙම කවියක් කියනවලු

මලක් තියෙන බව ඇවිදින් කිව්වෙ උඹයි
මල තලලා රා ගෙනැවිත් දුන්නෙ මමයි
රා මුට්ටියට වග කිව්වෙත් අපි දෙන්නයි
මටත් හොරෙන් කරපු වැඩේ හරිම කැතයි.....

ගහ වෙළුවෙත් මල තැලුවෙත් මං තනිවයි
රා බිව්වෙත් කවි කිව්වෙත් උඹ එක්කයි
මං නැති වෙලේ ගහ බඩ ගෑ එක වැරදියි
මටත් හොරෙන් රා බිව් එක හිතට දුකයි...

මේකට ලැබුනු පිළිතුරු කවිය ලඟදීම බලාපොරොත්තුවන්න........

Tuesday, April 28, 2009

පොඩ්ඩාට සිද්ද වෙච්චි දේවල්........

අද පොඩ්ඩාගෙ පළා මල්ලට එකතු කරන්නේ පොඩ්ඩගේ ම අත්දැකීමක්

පොඩ්ඩා ගමේ ඉන්න කාලේ මළ ගෙදරක්, බණ ගෙදරක්, එහෙම අතරින්නෙ නෑ
දවසක් පොඩ්ඩා ගමේ මළ ගෙදරක යාළුවෝ සෙට් 1ත් එක්ක නයිට ගහන්න සෙට් උනා.
මළ ගෙවල් වල රෑ වෙනකොට ඉතින් තේ 1ක් බිස්කට් 1ක් එහෙම දෙනවනේ
ඔන්න රෑ 12ත් පහු උනා තේ 1ක් වත් නැහැ දැන් කට්ටියට නිදිත් මතයි
ඒත් ඉතින් යුතුකම ඉටු කරන්නත් ඔනෙ නේ. කට්ටිය දිගටම ඕමි ගගහා ඉන්නවා, දන් බඩත් ගිනියි. බඩගින්නට ම ද කොහෙද කට්ටියට ගණ දෙවි නුවණ පහල උනා. ලඟ පාත තියෙන වත්තකින් මඤ්ඤොක්කා(මේක ටයිප් කරගන්න මන් මාර ගේමක් දුන්නෙ ) උදුරන්න කතා උනා. මඤ්ඤොක්කා පුච්චලා ගත්තහම මරු ටේස්ට් 1 නෙ ඉතින්.

පොඩ්ඩා ඉතින් සුපුරුදු පරිදි පෙරමුණ ගත්තා පොඩ්ඩා කට්ටියම එකතු කරලා කොටස් 3කට බෙදුවා. කට්ටියක් මඤ්ඤොක්කා ගැලවීමේ කණ්ඩායම, කට්ටියක් දර හොයන්න, අනිත් කණ්ඩායම ඔත්තු බලන්න.
ඔන්න ඉතින් මේ වෙනකොට වෙලාව පාන්දර 3ට විතර ඇති කට්ටිය විසිර ගියා තම තමන්ගේ රජකාරි සඳහා. සීමිත ම කණ්ඩායම හිටියේ පොඩ්ඩාට ඒ කියන්නෙ මඤ්ඤොක්කා ගැලවීමේ කණ්ඩායමට.
හොඳම සිද්දිය උනෙත් මේ කට්ටියට තමයි

ඔත්තු බලන කට්ටිය මග තියලා පොඩ්ඩා වැඩේට බැස්සා තව දෙන්නෙකුත් එක්ක හැබැයි මේ කටයුතුවලදී හඳුන් කූරක් වත් පත්තු කරන්න තහනම්, අඳුරේ ම තමයි මෙහෙයුම දියත් කරන්න උනේ. පොඩ්ඩා ඉතින් අදුරේ අත පත ගාලා කටු කම්බි වැටෙන් පැනගත්තා. දැන් ඉතින් හෙමින් හෙමින් ගහ මුල හාරනවා. තව එකෙක් ගහ උඩට අදිනව පොඩි පොඩි අල 2ක් විතර ගලවනකොට පොඩ්ඩට අහු උනා ටිකක් ලොකු ගහක් පොඩ්ඩ එකෙක්ගෙ කණට කරලා කිව්ව මේක නම් එළ කියලා. මේ ගහ ගලවගත්තා නම්, ඔක්කොටම ඇති කියලා මාර ගේමක් දෙනවා ගහ ගලවන්න.

වැඩේ හිතන තරම් ලේසිත් නෑ ලොකු අලයක් තියෙනව වගේ.දන් එළියත් වැටීගෙන එනවා. ඔත්තු බලන්නන්ගෙන් නියෝගයක් ආව දැන් වැඩෙ නතර කරලා හාරපු අල ටිකත් අරගෙන එන්න කියලා කොහෙද ඉතින් හොදම අලේ හාරගන්න බැරි උනනේ කිය කිය කට්ටියම අවිත් ලද දෙයින් සතුටු උනා.

උදේ කට්ටිය ගෙදර යන ගමන් බැලුවා නිකමට වගේ රෑ හාරපු මඤ්ඤොක්කා ගහ දිහා........ අම්මටහුඩු.................
කට්ටිය ම රෑ පණ දාගෙන, පස් කාගෙන හරලා තියෙන්නෙ වැටට හිටවපු ලාඩප්පා ගහක්(සමහරු මේවට කියන්නෙ වැටමාර කියලා) ලාඩප්පා වල කොයින්ද ඉතින් අල.

පොඩ්ඩා ගේ සමාව අයැදීම

පොඩ්ඩ මේ දවස් ටිකේ ටිකක් අසනීප වෙලා හිටියේ
ඒකයි පොඩ්ඩට Blog ලියන්න බැරි උනේ
දන් නම් පොඩ්ඩට සනීපයි.
සමා වෙන්න යාළුවනේ මේ දවස් ටිකේ අවේ නැතුවට.

Friday, April 24, 2009

ඉබ්බාගේ කථා වස්තුව

ඉබ්බා අහසින් ගිය කතාව දන්නව නෙ.

ඒක නෙවෙයි මේ...
මේ ඉබ්බා මෝඩ ඉබ්බෙක් නෙවෙයි (කොළඹ ඉබ්බෙක් නෙ ඉතින්).
දවසක් ඉබ්බට ගමනක් යන්න ඕනෙ වෙලා කොක් රාලගෙ කැබ් සර්විස්
1ට කෝල් 1ක් දීලා එන්න කිව්ව.

ඔන්න ඉතින් කොක්කු දෙන්න පුරුදු විදිහට ම
කෝටුවක් අරගෙන දෙපැත්තෙන් අල්ලගෙන ඉබ්බට මැද්දෙන්
එල්ලෙන්න කියල අරගෙන යනවා.

ඔන්න ඉතින් ඉබ්බගේ කරුමෙට ඔය යන පාරෙ තිබුනා ඉස්කෝලයක් ;
ඉබ්බ හොඳට හිතට ගත්ත කොල්ලො මොනව කිව්වත් මම නං
කටක් ඇරලා වචනයක් කියන්නෙ නෑ නෑ මයි කියල.

ඔන්න ඉතින් ඉස්කොලේ හිටපු කොල්ලෝ ටික දැක්කා ඉබ්බෙක් උඩින් යනවා (කොළඹ ඉස්කෝලයක් නෙ ඉතින්) කොල්ලො ටික හූ තියන්න ගත්තා .
ඉබ්බා සද්ද නෑ....
කොකාට දැන් මල පැනලා ඉබ්බා සද්ද නැතුව ඉන්නවා මුන් හූ කියනව කියලා
කොකා බනින්න පටන් ගත්ත...

මාර සීන් 1ක...
කොකාට කෝටුව අතෑරුනා දැන් එක කොකෙක් බනිනවා
අනිකයි ඉබ්බයි දෙන්නම පහලට වැටෙනවා.

කොකා බැනලා ඉවරවෙලා බැලුවා.
අම්මටහුඩු.
අරුන් දෙන්න වැටෙනවා පහලට.
ටක් ගාලා ගිහිල්ල කොහොම හරි කොටුව අල්ලගත්තා
ඉබ්බත් හොදට ම භීත වෙල හිටියෙ
දන් ඉබ්බට මාර ෆිට්.

ඉබ්බා කොකා දිහා ආදරෙන් බලලා thank you කිව්වා.

ඒ ඉබ්බගෙ තුන් මාසේ දානේ තිබුනේ ගිය සතියේ.

පොඩ්ඩ ගිය සතියෙ අම්මට යැව්ව ලියුම

ආදරණීය අම්මේ
මට අම්මව මතක් උනා...
අම්මේ මං දැන් කොළඹ ඇවිත් අවුරුදු 2ක් විතර වෙනව නෙ
මේ අවුරුදු 2ට මං ජීවිතේ ගැන, මිනිස්සු ගැන ගොඩාක් දෙවල්
දැනගත්තා වෙලාවකට මේ ඔක්කොම දමල ගහල
ගෙදර ඇවිත් ඉන්න මට හිතෙනව අම්මෙ.

දවසක් මං බස් 1ට නගින්න ඇවිදගෙන යනකොට
දැක්ක පොඩි ළමයෙක් පාර අයිනෙ බත් පාර්සලයක් ලෙහගෙන
කනවා. නිල් පාට කලිසමකුයි, සුදු කමිසෙකුයි
ඇඳගෙන හිටිය නිසා මං හිත්තන්නෙ ඒ ළමයා තාම ඉස්කොලේ යනවා

එතකොට වෙලාව හවස 5.30ට විතර ඇති
ඒ ළමය කාලා ඉවර වෙනකල් එයගෙ අම්මා ලමයගෙ ඔළුව අතගානවා
ඒ අම්මගෙ ඇස් දෙක පේන්නෙ නෑ.
මං හිතන්නෙ ඒ අම්ම උදේ ඉදන් මිනිස්සුන්ට අත පාලා
හොයාගන්න සල්ලි වලින් වෙන්න ඇති පුතාට කෑම 1ක් අරන් දෙන්න ඇත්තෙ.

ඒ දරුවා කවදා හරි ලොකු උනාම ඒ අම්මට සලකයි
අපේ අම්මත් මාව ලොකු මහත් කරන්න කොච්චර දුක් විදල ඇද්ද
හොද වාහන වල යන ලොකු ගෙවල් හදාගෙන ඉන්න ගොඩක් මිනිස්සුන්ගෙ
දෙමව්පියො ඉන්නෙ මහලු මඩම් වල. ඇයි අම්මෙ දරුවො ලොකුමහත්
වෙනකොට තමන්ගෙ දෙමව්පියො අමතක වෙන්නෙ.

අපි අද මෙහෙම ඉන්නෙ අපේ දෙමව්පියො නිසා කියලා අද ගොඩක් දෙනාට මතක නෑ අම්මෙ.
අම්මයි තාත්තයි අපට වෙන මොනවා නොදුන්නත් අපට ජීවිතේ
දුන්නනෙ අම්මෙ.
ඒකත් අමතක කරල තමන්ගෙ දෙමව්පියන්ට නොසලකා ඉන්න දරුවෙකුට පුලුවන්ද?

ඒකත් අමතක කරල තමන්ගෙ දෙමව්පියන්ට නොසලකා ඉන්න දරුවෙකුට පුලුවන්ද?
දිවුල්ගනේ මහත්තයා 'ගමට කලින් හිරු මුලුතැන්ගෙට වඩනා' කියලා කිව්වෙත් අපේ අම්මගැන

මගෙ අම්මට බුදුසරණයි අම්මේ.

මීට ,
පොඩි පුතා

Thursday, April 23, 2009

හිතට වැදුනු සින්දුව

අද bus 1කේ එනකොට ඇහුන සින්දුවක්, මාර විදිහට හිතට වැදුනා.....
ඔයාලත් ටිකක් කියවල බලන්නකො.

මා තොටින් එන උතුරු සුලගේ
ගිනි සිඹින මඩු පල්ලියේ
දෑස් අග මුතු කදුළු හංඟන
සරෝජා මගෙ දෝනියේ...

වෙඩි හඬට පොඩි අකුරු ඇදවෙයි
මක් කරන්නඩ පැන්චියේ...
ගුරුතුමී මා සිසුවියයි නුඹ
ඒත් අපි එක පංතියේ...

කර වටින් අත දමා හිනැහුනු
කෝ නුඹේ පොඩි යාලුවන්
දයාවක් නැති ලෝකයක් දැක
උන් ගිහින් පැන මායිමෙන්

තාත්තා හීනෙන් අවිත් අත වනන තුරු කදවුරු දොරින්
කාටවත් නැති දුවේ කවුරුන්, නුඹ රකීවිද සෙනෙහසින්

මන්දිරෙ දොර නුඹව කැදවයි
බේබිලා හඩනා හඩින්,
මාඉමේ වැට අඬගසයි හෙට
අවි දරා රකිනා ලෙසින්

දමා ගොදුරට කෙලෙස යන්නද ඒත් යන්නට වෙයි ඉතින්
වරක් දැක සිත නිවා ගන්නට, දුවේ ඩිංගක් හිනැහියන්....

--දීපිකා ප්‍රියදර්ශනී පීරිස්--

බොහොම ස්තුති‍යි !

හැමදාම අත හිත දෙන
උඹලා දෙන්නට
දක්ෂින,සංජය

පොඩ්ඩා

ඔන්න සයිබර් අවකාශයේ blog ලියන්නන් අතරට මාත් එකතු උනා
>>> මම පොඩ්ඩා