Friday, April 24, 2009

ඉබ්බාගේ කථා වස්තුව

ඉබ්බා අහසින් ගිය කතාව දන්නව නෙ.

ඒක නෙවෙයි මේ...
මේ ඉබ්බා මෝඩ ඉබ්බෙක් නෙවෙයි (කොළඹ ඉබ්බෙක් නෙ ඉතින්).
දවසක් ඉබ්බට ගමනක් යන්න ඕනෙ වෙලා කොක් රාලගෙ කැබ් සර්විස්
1ට කෝල් 1ක් දීලා එන්න කිව්ව.

ඔන්න ඉතින් කොක්කු දෙන්න පුරුදු විදිහට ම
කෝටුවක් අරගෙන දෙපැත්තෙන් අල්ලගෙන ඉබ්බට මැද්දෙන්
එල්ලෙන්න කියල අරගෙන යනවා.

ඔන්න ඉතින් ඉබ්බගේ කරුමෙට ඔය යන පාරෙ තිබුනා ඉස්කෝලයක් ;
ඉබ්බ හොඳට හිතට ගත්ත කොල්ලො මොනව කිව්වත් මම නං
කටක් ඇරලා වචනයක් කියන්නෙ නෑ නෑ මයි කියල.

ඔන්න ඉතින් ඉස්කොලේ හිටපු කොල්ලෝ ටික දැක්කා ඉබ්බෙක් උඩින් යනවා (කොළඹ ඉස්කෝලයක් නෙ ඉතින්) කොල්ලො ටික හූ තියන්න ගත්තා .
ඉබ්බා සද්ද නෑ....
කොකාට දැන් මල පැනලා ඉබ්බා සද්ද නැතුව ඉන්නවා මුන් හූ කියනව කියලා
කොකා බනින්න පටන් ගත්ත...

මාර සීන් 1ක...
කොකාට කෝටුව අතෑරුනා දැන් එක කොකෙක් බනිනවා
අනිකයි ඉබ්බයි දෙන්නම පහලට වැටෙනවා.

කොකා බැනලා ඉවරවෙලා බැලුවා.
අම්මටහුඩු.
අරුන් දෙන්න වැටෙනවා පහලට.
ටක් ගාලා ගිහිල්ල කොහොම හරි කොටුව අල්ලගත්තා
ඉබ්බත් හොදට ම භීත වෙල හිටියෙ
දන් ඉබ්බට මාර ෆිට්.

ඉබ්බා කොකා දිහා ආදරෙන් බලලා thank you කිව්වා.

ඒ ඉබ්බගෙ තුන් මාසේ දානේ තිබුනේ ගිය සතියේ.

13 comments:

  1. මරු කථාව. නරකද මේ වගේ modify කරපු කථා ටිකක් දාලා වෙනම බ්ලොග් එකක් කළොත්?

    ReplyDelete
  2. එළ එළ බලමුකෝ......
    පොඩ්ඩා තාම අළුත් නෙ
    අදහසට බොහොම පිං මචං , එළ කොල්ලෙක් ආ.....හ්

    ReplyDelete
  3. එළ එළ
    බොහොම පිං ආ.....හ්

    ReplyDelete
  4. මම මේ කථාව කළින් අහල තියෙනව..ඇයි අර කපුටා සහ කේජු කෑල්ල කථාව.. ඒකත් දාන්න..

    ReplyDelete
  5. අපි විතරක් නෙමෙයිනෙ ඉබ්බගේ කතාවත් ගෝලීයකරනය වෙලානේ
    එළ එළ දිගටම ලියන්න මම ඔබට සුබපතනවා

    ReplyDelete
  6. මේ කතාවට අවුරුදු 20කට වඩා දිග අතීතයක් තියෙනවා. මොකද මම පුංචි කාලෙ මහජන සම්පත රූපවාහිනී දිනුම් ඇදීමේ තරග මෙහෙයවපු ප්‍රේමකීර්ති ද අල්විස් මහත්තය ඔය කතාව කිව්වා 'මේක නවීකරණය වුණ කතාවක්' කියල. මොනා වුණත් ආයෙත් අහන්න ලැබුණ එක එල.

    මේ වදන් සත්‍යායනය හෙවත් word verification ඉවත් කල හැකි නම් තවත් එල.

    ReplyDelete
  7. ඔළ එළ eCH කියලානේ මං කියන්න ඕනේ එව්වා. ඔය කතාව සමබිමේ කොහේද දාලා තිබ්බා. කොල්ලෝ නැතිව කෙල්ලෝ කිව්වා නම් අගේ කතාව!

    ReplyDelete
  8. හැබෑට පරණ කතා ටික මොඩිෆයි කරන එකත් හොඳ වැඩක් තමා

    ReplyDelete
  9. මරැ කතාව.. අනිද්දට අපේ අවුරැදු උත්සවේ... ලංකාවට ආවේනික ජනකතා වගයක් මෙහේ බාසවට ප‍්රිවර්තනය ක‍රල පුංචි පැටවු ටිකකට පුරැදු ක‍රලා සභාව ඉස්ස‍රහ කියවන්න ඔන.. ඔක භාරව ඉන්නෙ මම,, දෙන්නම්කො දැන් ගින්ද‍්ර වගේ... පොඩි උන් මේ කතාව කියද්දි ලොකු උන් හොල්මන් වේ... ස්තූතීයී පොඩ්ඩා....

    ReplyDelete