Friday, April 24, 2009

පොඩ්ඩ ගිය සතියෙ අම්මට යැව්ව ලියුම

ආදරණීය අම්මේ
මට අම්මව මතක් උනා...
අම්මේ මං දැන් කොළඹ ඇවිත් අවුරුදු 2ක් විතර වෙනව නෙ
මේ අවුරුදු 2ට මං ජීවිතේ ගැන, මිනිස්සු ගැන ගොඩාක් දෙවල්
දැනගත්තා වෙලාවකට මේ ඔක්කොම දමල ගහල
ගෙදර ඇවිත් ඉන්න මට හිතෙනව අම්මෙ.

දවසක් මං බස් 1ට නගින්න ඇවිදගෙන යනකොට
දැක්ක පොඩි ළමයෙක් පාර අයිනෙ බත් පාර්සලයක් ලෙහගෙන
කනවා. නිල් පාට කලිසමකුයි, සුදු කමිසෙකුයි
ඇඳගෙන හිටිය නිසා මං හිත්තන්නෙ ඒ ළමයා තාම ඉස්කොලේ යනවා

එතකොට වෙලාව හවස 5.30ට විතර ඇති
ඒ ළමය කාලා ඉවර වෙනකල් එයගෙ අම්මා ලමයගෙ ඔළුව අතගානවා
ඒ අම්මගෙ ඇස් දෙක පේන්නෙ නෑ.
මං හිතන්නෙ ඒ අම්ම උදේ ඉදන් මිනිස්සුන්ට අත පාලා
හොයාගන්න සල්ලි වලින් වෙන්න ඇති පුතාට කෑම 1ක් අරන් දෙන්න ඇත්තෙ.

ඒ දරුවා කවදා හරි ලොකු උනාම ඒ අම්මට සලකයි
අපේ අම්මත් මාව ලොකු මහත් කරන්න කොච්චර දුක් විදල ඇද්ද
හොද වාහන වල යන ලොකු ගෙවල් හදාගෙන ඉන්න ගොඩක් මිනිස්සුන්ගෙ
දෙමව්පියො ඉන්නෙ මහලු මඩම් වල. ඇයි අම්මෙ දරුවො ලොකුමහත්
වෙනකොට තමන්ගෙ දෙමව්පියො අමතක වෙන්නෙ.

අපි අද මෙහෙම ඉන්නෙ අපේ දෙමව්පියො නිසා කියලා අද ගොඩක් දෙනාට මතක නෑ අම්මෙ.
අම්මයි තාත්තයි අපට වෙන මොනවා නොදුන්නත් අපට ජීවිතේ
දුන්නනෙ අම්මෙ.
ඒකත් අමතක කරල තමන්ගෙ දෙමව්පියන්ට නොසලකා ඉන්න දරුවෙකුට පුලුවන්ද?

ඒකත් අමතක කරල තමන්ගෙ දෙමව්පියන්ට නොසලකා ඉන්න දරුවෙකුට පුලුවන්ද?
දිවුල්ගනේ මහත්තයා 'ගමට කලින් හිරු මුලුතැන්ගෙට වඩනා' කියලා කිව්වෙත් අපේ අම්මගැන

මගෙ අම්මට බුදුසරණයි අම්මේ.

මීට ,
පොඩි පුතා

1 comment:

  1. හොද පුතාලා තාමත් ඉන්නවා කියලා හිතුනා. ඔහොම හිතන පතන පුතාලා දුවලාට කවදාවත් වරදින්නේ නැහැ

    ReplyDelete