Tuesday, April 28, 2009

පොඩ්ඩාට සිද්ද වෙච්චි දේවල්........

අද පොඩ්ඩාගෙ පළා මල්ලට එකතු කරන්නේ පොඩ්ඩගේ ම අත්දැකීමක්

පොඩ්ඩා ගමේ ඉන්න කාලේ මළ ගෙදරක්, බණ ගෙදරක්, එහෙම අතරින්නෙ නෑ
දවසක් පොඩ්ඩා ගමේ මළ ගෙදරක යාළුවෝ සෙට් 1ත් එක්ක නයිට ගහන්න සෙට් උනා.
මළ ගෙවල් වල රෑ වෙනකොට ඉතින් තේ 1ක් බිස්කට් 1ක් එහෙම දෙනවනේ
ඔන්න රෑ 12ත් පහු උනා තේ 1ක් වත් නැහැ දැන් කට්ටියට නිදිත් මතයි
ඒත් ඉතින් යුතුකම ඉටු කරන්නත් ඔනෙ නේ. කට්ටිය දිගටම ඕමි ගගහා ඉන්නවා, දන් බඩත් ගිනියි. බඩගින්නට ම ද කොහෙද කට්ටියට ගණ දෙවි නුවණ පහල උනා. ලඟ පාත තියෙන වත්තකින් මඤ්ඤොක්කා(මේක ටයිප් කරගන්න මන් මාර ගේමක් දුන්නෙ ) උදුරන්න කතා උනා. මඤ්ඤොක්කා පුච්චලා ගත්තහම මරු ටේස්ට් 1 නෙ ඉතින්.

පොඩ්ඩා ඉතින් සුපුරුදු පරිදි පෙරමුණ ගත්තා පොඩ්ඩා කට්ටියම එකතු කරලා කොටස් 3කට බෙදුවා. කට්ටියක් මඤ්ඤොක්කා ගැලවීමේ කණ්ඩායම, කට්ටියක් දර හොයන්න, අනිත් කණ්ඩායම ඔත්තු බලන්න.
ඔන්න ඉතින් මේ වෙනකොට වෙලාව පාන්දර 3ට විතර ඇති කට්ටිය විසිර ගියා තම තමන්ගේ රජකාරි සඳහා. සීමිත ම කණ්ඩායම හිටියේ පොඩ්ඩාට ඒ කියන්නෙ මඤ්ඤොක්කා ගැලවීමේ කණ්ඩායමට.
හොඳම සිද්දිය උනෙත් මේ කට්ටියට තමයි

ඔත්තු බලන කට්ටිය මග තියලා පොඩ්ඩා වැඩේට බැස්සා තව දෙන්නෙකුත් එක්ක හැබැයි මේ කටයුතුවලදී හඳුන් කූරක් වත් පත්තු කරන්න තහනම්, අඳුරේ ම තමයි මෙහෙයුම දියත් කරන්න උනේ. පොඩ්ඩා ඉතින් අදුරේ අත පත ගාලා කටු කම්බි වැටෙන් පැනගත්තා. දැන් ඉතින් හෙමින් හෙමින් ගහ මුල හාරනවා. තව එකෙක් ගහ උඩට අදිනව පොඩි පොඩි අල 2ක් විතර ගලවනකොට පොඩ්ඩට අහු උනා ටිකක් ලොකු ගහක් පොඩ්ඩ එකෙක්ගෙ කණට කරලා කිව්ව මේක නම් එළ කියලා. මේ ගහ ගලවගත්තා නම්, ඔක්කොටම ඇති කියලා මාර ගේමක් දෙනවා ගහ ගලවන්න.

වැඩේ හිතන තරම් ලේසිත් නෑ ලොකු අලයක් තියෙනව වගේ.දන් එළියත් වැටීගෙන එනවා. ඔත්තු බලන්නන්ගෙන් නියෝගයක් ආව දැන් වැඩෙ නතර කරලා හාරපු අල ටිකත් අරගෙන එන්න කියලා කොහෙද ඉතින් හොදම අලේ හාරගන්න බැරි උනනේ කිය කිය කට්ටියම අවිත් ලද දෙයින් සතුටු උනා.

උදේ කට්ටිය ගෙදර යන ගමන් බැලුවා නිකමට වගේ රෑ හාරපු මඤ්ඤොක්කා ගහ දිහා........ අම්මටහුඩු.................
කට්ටිය ම රෑ පණ දාගෙන, පස් කාගෙන හරලා තියෙන්නෙ වැටට හිටවපු ලාඩප්පා ගහක්(සමහරු මේවට කියන්නෙ වැටමාර කියලා) ලාඩප්පා වල කොයින්ද ඉතින් අල.

7 comments:

  1. වදන් සත්‍යාපනය (word Verifaction) අයින් කරන්නේ නම් මැනැවි.

    හික්ස්! පොඩ්ඩා මඤ්ඤොක්කා හෑරැවා වගේයි! ;)

    ReplyDelete
  2. "හඳුන්කූරක් වත්" අනේ අපි නොදන්න හඳුන්කූරු... හික් හික්

    ReplyDelete
  3. ලාඩප්ප වල අල තියෙනවා බන්
    මාර රසයි
    තව ටිකක් හෑරුවනම් ගන්න තිබ්බ

    ReplyDelete
  4. @ -බිன்ku-
    ඔන්න හරි බින්කු යාළුවා...
    පොඩ්ඩා වදන් සත්‍යාපනය (word Verifaction) අයින් කලා.
    වැරදි අඩුපාඩු තියෙනවා නම් කියනවට බොහොම පිං
    පොඩ්ඩා කැමතියි ඒකට

    ReplyDelete
  5. සිංහලයට එකතු වෙන අළුත්ම ප්‍රස්ථා පිරුළ..'පොඩ්ඩා මඤ්ඤොක්කා හෑරුවා වාගේ..' :D

    ReplyDelete
  6. ගැස්සුනා නම් වැඩේ කාපු මඤ්ඤොක්කා වලින් දුම් විසි වෙයි !

    ReplyDelete
  7. කොහොම හරි අර හාරපුවා ටිකවත් යහතින් කෑවද? :)

    ReplyDelete