Wednesday, April 29, 2009

රා කළයට කිව්ව කවිය

මේක පොඩ්ඩාගෙ සීයලගෙ කාලෙ කතාවක් ,
ඒ කාලේ පොඩ්ඩගෙ ගමේ හිටියා මාටිං කියලා පොරක්
මිනිහා තමයි ගමට ම රා බෙදන්නෙ.
මේකයි කතාව. මිනිහා දවසක් හැන්දෑවක පැලට වෙලා ඉන්න ගමන් මෙහෙම කවියක් කියනවලු

මලක් තියෙන බව ඇවිදින් කිව්වෙ උඹයි
මල තලලා රා ගෙනැවිත් දුන්නෙ මමයි
රා මුට්ටියට වග කිව්වෙත් අපි දෙන්නයි
මටත් හොරෙන් කරපු වැඩේ හරිම කැතයි.....

ගහ වෙළුවෙත් මල තැලුවෙත් මං තනිවයි
රා බිව්වෙත් කවි කිව්වෙත් උඹ එක්කයි
මං නැති වෙලේ ගහ බඩ ගෑ එක වැරදියි
මටත් හොරෙන් රා බිව් එක හිතට දුකයි...

මේකට ලැබුනු පිළිතුරු කවිය ලඟදීම බලාපොරොත්තුවන්න........

1 comment:

  1. දො දකිං අපේ ආච්චි ඕක කිව්වා දවසක්. මට මතක තිබ්බා නම් උත්තරේ දාන්න තිබ්බා! දාන්නකො ඉක්මනට උත්තරේ! :)

    ReplyDelete