Monday, May 11, 2009

කවුද කඩුවෙල ඉන්නෙ?

දන්නවද?
කඩුවෙලට නම හැදුනෙ කොහොමද කියලා. දන්නෙ නැත්නම් මෙන්න දැනගන්න .
ඔන්න ඉස්සර රාජසිංහ රජ්ජුරුවො ඔය දැන් කඩුවෙල කියන පැත්තෙන් යනකොට. රජතුමාට පොඩි ශාරීරික අවශ්‍යතවයක් ඇති උනාලු. රජතුමා ඉතින් එයාගෙ සේනාවට පොඩ්ඩක් නවතින්න කියලා . කැලේ පැත්තට ගියා තමන්ගෙ වැඩේ කරගන්න.
අම්මටහුඩු රජ්ජුරුවො කැලේට යනකොට රජ්ජුරුවන්ට පෑගුනා ...................................................................
කඩුවක් නිකං ම නිකං කඩුවක් නෙවෙයි රත්තරන් කඩුවක් රජ්ජුරුවන්ට කෑගැස්සුනා.
රජතුමා කඩුව අතට අරගෙන හොදට අතගාලා බලලා. "කඩුව එළ" කිව්ව.
එදා ඉදන් තමයි ඔය පැත්තට කඩුවෙල කියන්නෙ.

15 comments:

  1. ඒකාලෙ පොදුවැසිකිලි ලඟ කඩුත් දාල යනවද ? අෆ්ෆා

    ReplyDelete
  2. ඊට කළිං ගිහිං ආපු එක්කෙනාගෙ කඩුව වෙන්න ඇති ! :-P

    ReplyDelete
  3. ඒ කාලෙ දැන් වගේ හැම තැනම පොදු වැසිකිළි තිබුනෙ නෑනෙ පුතා, අනික පොදු වැසිකිළි වලට යන්න පුලුවන් කාටද? අප්පා.

    ReplyDelete
  4. ඒකියන්නෙ පොඩ්ඩා සීයේ. කඩුවෙලත් රජාගෙ ප්‍රයිවෙට් වැසිකිලියක් තිබිලද?

    සුවර් එකටම වැසිකිලිය මුරකරන එකාගෙ කඩ්ඩ වෙන්ටැති

    ReplyDelete
  5. මම නම් කඩුවෙලට නම වැටුන හැටි අහලා තියෙන්නේ මෙහෙමයි:
    රාජසින්හ රජ්ජුරුවෝ පරංගින් සමග යුද්ධයට සුදානම් වෙන කාලයේ කඩු හංගලා තියෙන්නේ වෙලක.කඩු හංගාපු වෙල යන්න කඩුවෙල ලෙසින් ප්‍රචලිත වුනා කියලයි මම දන්නේ.
    ඒ දවස් වල සිංහල හේවායෝ නතර වෙලා හිටපු ප්‍රදේශය තමයි කඩුවෙල තියෙන හේවාගම කියන ගම්මානය,යුද්ධයට එක්වෙච්ච රණකාමින් සිටි ප්‍රදේශය රණාල (රණ+ආල ) ලෙසින් දැන් හැදින්වෙනවා.

    ReplyDelete
  6. එළ කතාව... හිකිස්..

    ReplyDelete
  7. මොකද්ද බං සීයා කියන්නෙ,
    කැත නැද්ද? දෙනෝ දාහක් ඉස්සරහ මෙහෙම කතා කියන එක

    ReplyDelete
  8. ඕකට තමා නාගන්නව කියන්නෙ

    ReplyDelete
  9. කවුද බං මේකට මෙව්වා කියල දෙන්නෙ?!

    ReplyDelete
  10. පොඩ්ඩො වඩෙනම් නියම් තවහොඩට කරන්න

    ReplyDelete
  11. මමත් කඩුවෙල කිට්ටුව තමයි පදිංචි වෙලා හිටියෙ...
    මම අහල තියෙන හැටියට රාජසිංහ රජතුමා කඩු හංගපු වෙල තමයි කඩුවෙල උනේ...

    ReplyDelete
  12. මෙක ටාසන්ගෙ කතාවක්ද??

    ReplyDelete
  13. අප්පා බන් ඔක්කොම ටාසගෙ නෙවෙයි

    ReplyDelete