Tuesday, May 5, 2009

කපුටු මොලේ

වෙසක් 1ත් ලඟයි නෙ ඊට කලින් බොරු ටික ඔක්කොම කියලා දාන්න ඔනෙ කියලා පොඩ්ඩ කල්පනා කලා.
අද කියන්නෙ කපුටා සහ කේජු කෑල්ල (රතුතරුව ගේ ඉල්ලීම පරිදි )

මෙක නම් පරණ කතාවක් ඒත් කමක් නෑ අහලා බලන්නකෝ.
දවසක් කපුටෙක් කේජු කෑල්ලකුත් අරගෙන ගහක් උඩට ගියා වට පිට බලබලා කන්න කියලා හැදුවා විතරයි.
ඔතනට ආවා නැහැදිච්ච නරියෙක්
කපුටා නරියට වඩා කපටියි කපුටා දැනගත්තා
නරිය එන්නෙ කේජු කෑල්ලට කෙලින්න තමා කියලා.

නරියා: කපුටෝ ඔයා හරි ලස්සනයි.
නරියා:ඔයා ඇපල් මලක් වගේ
නරියා:ඔයත් ලස්සනයි ගේත් ලස්සනයි.
නරියා: හිත ඇදීලා යනවා

නරියා ඔහොම කියාගෙන කියාගෙන යනවා ඔන්න ඉතින් කපුටත් කෙජු කෑල්ල හොටේ තද කරගෙන අහගෙන ඉන්නවා.

නරියා: කපුටො උඹ මේ තරම් ලස්සන නම් උඹේ කටහඬ කොච්චර ලස්සන ඇද්ද?
අනේ ඔය ලස්සන කට ඇරලා සින්දුවක් කියන්නකෝ මට අහගෙන ඉන්න.
ඔන්න දැන් කපුටටත් මල නරියා ඇවිල්ල වාත වෙනවා.

කපුටා කිව්වා "අපි ඔය බොරු වලට රැවටෙන්නෙ නෑ මෝඩ නරියෝ ඕවට අහු උනේ ඉස්සර කපුටො"

නරියා කපුටාගෙ කටින් ගිලිහුනු කෙජු කැල්ල කෑදරෙන් ඩැහැගෙන යන්න ගියා.....
plan කරගෙන වැඩ කරනකොටත් වරදින්න ඉඩ කඩ තියෙනවා ඒ නිසා කල්පනාවෙන් සිහිබුද්ධියෙන් වැඩ කරන්න ඕනෙ

2 comments:

  1. පොඩ්ඩට ස්තූතියි. මේ කථාවෙ තව version එකක් තියෙනව, ඔන්න නරිය ඉතින් කපුටව වර්නණා කරල කටහඬ අහන්න ආසයි සිංදුවක් කියන්න කිව්වම... කාක්කා කේජු කෑල්ල එක කකුලකින් අල්ලගෙන 'කාක් කාක්' කිව්වළු.. (හිනා ගියාද මංදා)

    ReplyDelete
  2. ලොකු අයියේ උඹලා දන්න දෙවල්.......!
    හෙට අපි අලුත් වැඩක් කරනවා බලාගෙන ඉන්න හොදේ

    ReplyDelete