Tuesday, May 5, 2009

මේකද අහිමානය ?

Loving Star දන්නවනේ රන් වෑහෙන නාලිකාවෙ(ස්වර්ණවාහිනියෙ ) යන්නෙ.
මගෙ පූරුවෙ කරුමෙකට දවසක් මේ නරිනාඩගම බලන්න සිද්ද වුනා.
තුහ්. නොදකින් හිරිකිතේ බෑ.

ස්වර්ණවාහිනිය කියන්නෙ අපි ගොඩක් කැමැත්තෙන් බලපු ඒ වගේ ම රටට හොඳ දෙයක් පෙන්නපු නාලිකාවක්.
ඒත් දැන් මේ මොනවද වෙන්නෙ.
කාලයක් කියල 1ක් පෙන්නුවා ඒකෙ රඟපාපු(රඟපෑමක් නෙවෙ දඟලපු )නළු බට්ටො තාමත් town වල කෙල්ලො බිලීබානව ඒ බොලඳ talk ම දදා. කොහොම හරි ඒ දහජරාව ඉවර උනාම පටන් ගත්තා ගෞතමී කියලා තව කුණුහරුපයක්. එකත් ඉවරයිනෙ(ඒව ගැන කතාකරන්න ගියොත් අද වෙන දෙයක් ලියන්න බැරිවෙයි )

සින්දු කියන්න දක්ෂයො, නටන්න දක්ෂයො තෝරන තරඟ තිබ්බට කමක් නෑ කියමුකො(හැකියාව market කලාට කමක් නෑ ඇඟ විකුනන්නෙ නැතුව ) අවුරුදු 18,20 කෙල්ලො ගෙන්නගෙන උන්ට පොඩි රෙදි කෑලි ටිකක් අන්දලා(නිරුවත් market කරන්න පුලුවන් උනාට TV 1කේ පෙන්නන්න බෑනෙ )
මේක අගේ කරන්න ඉන්නෙත් ලංකාවෙ ජන(අ )ප්‍රිය යැයි කියාගන්න අය (එයාලගෙ තරමත් දන්නො දනිති).
මෙවා කරන්නෙ විකුනන්න විතරම ද? මට නම් තේරෙන්නෙ මේවා කරන්නෙ අපේ සංස්කෘතිය විනාශ කරන්න. අපේ කෙල්ලන්ගෙ විළිබිය නැතිකරන්න. තරුණ කොල්ලො කෙල්ලො මෝල් කරලා උන්ට උන් හිටි තැන් නැතිකරලා දාන්න කරන වැඩක් මේක.
ඉස්සර ඉඳන් ම ස්වරණවාහිනියෙ බොහොම හොඳ කතා ගියා අපි හරි ආසාවෙන් ඒව බැලුවා. අපි බොහොම ගරු කරන කෙනෙක් තමා හේම නලින් මහත්තයා මං හිතන්නෙ එතුමාත් තාම ස්වරණවාහිනියෙ ඉන්නවා. මේ වගේ තුට්ටු දෙකෙ වැඩසටහන් වලට අනුමැතිය දෙන්නෙ ස්වරණවාහිනියට සල්ලි නැති නිසාද?
සල්ලි නැත්නම් නම්බුපිට ඕක වහලා දාලා, පුලුවන් කාලෙක පටන් ගමු. නැත්නම් කරන්න පුලුවන් කෙනෙකුට දීලා. ගෙදර යන එක හොදයි නේද කුනුහරුප පෙන්නලා අපේ සංස්කෘතිය කනවට වඩා.
මේවට සල්ලි වියදම් කරන්නෙ සිංහලයෙක් නම් වෙන්න බෑ. කොහේ හරි ඉඳගෙන අපේ සංස්කෘතිය විනාශ කරන්න හදන දෙමළෙක් තමා ඕවට සල්ලි වියදම් කරන්නෙ.
මේ බලපෑම ස්වර්ණ්වාහිනියට විතරක් තියෙන 1ක් නෙවෙයි. මේක හැම 1කට ම තියෙනවා. අපේ රට, අපේ සංස්කෘතිය කන්න බලාගෙන ඉන්න උන් ඒ වෙනුවෙන් ඇති තරම් වියදම් කරන්න සැදී පැහැදී ඉන්නවා. අපි දන් වත් තෙරුම් ගන්න ඔනේ මේව කරන්නේ අපට ආදරෙට ද? කියලා.
සංගක්කාර Air Tel, Add 1ක හිට්යා කියලා රට පුරාම කැලෑපත්තර ගහපු අපේ අය අපේ ඔලුවට ගහනකොට සද්ද නෑ. අපි මුලා වෙලාද? නැත්නම් , අපට ඒ ගැන ගානක් නැද්ද?

ශ්‍රි ලාංකේය අභිමානය කියලා මෙහෙම දේවල් කරන 1 හරිද මන් අහන්නෙ . කතා කරනවා නම් තව බොහෝ දේ තියෙනවා.ඒත් මට මේ මතෘකාව ගැන තව කතාකරන්න හිරිකිතයි.
(P) ප්‍රභකරන් අපට ගැහුවෙ phisically . ඒත් (M)මහරාජා ගහන්නෙ Mentally අපි ඒ ගැනත් දවසක කතා කරමු.


මෙකත් බලන්නකො........ ටිකක් cool වෙන්න.

25 comments:

  1. සහතික ඇත්තක් කථා කරලා තියෙන්නේ. ස්වර්ණවාහිනිය ත් මෙච්චර පහත් තත්වයට වැටෙයි කියලා මම හිතුවේ නැහැ. ඉස්සර කොච්චර ආසාවෙන් බලපු චැනල් එකක්ද? ඒ මදිවට දැන් සිරස වගේම ඉන්දීය ටෙලිනාට්‍ය විකාශය කරන්න පටන් ඇරගෙන. සෙනසුරා දා රෑට බලලා ඊ ළඟට යන අර නාට්‍යයක් බැලුවහම නිකන් කරකවලා අතඇරියා වගේ.

    පොඩි උපදෙසක්.....
    අක්ෂර වින්‍යාසය ගැන පොඩ්ඩක් සැළකිළිමත් වුනොත් සෑහෙන්න හොඳට ලියන්න පුළුවන් වේවි... හිතලා බලන්න.

    ReplyDelete
  2. කේ. ජයතිලක මහත්තයාගෙ 'පුංචිරාළගේ මරණය' පොතේ දෙමල වෛද්‍යවරයෙක් කියනව සිංහළ ජාතිය විනාශ කරන්න පිටින් කවුරුත් ඕන් නැහැ. එයාලා විහින්ම විනාශ වෙනව' කියල. මේ එක වැඩසටහනකටවත් ද්‍රවිඩ හෝ මුස්ලිම් යුවතියන් එනවද? සම තැන නෙවේ කාන්තාවට ලැබිය යුත්තේ නිසිතැන. එහෙව් එකේ අපිට නිසි තැනක් ලැබෙයිද මේ වගේ දේවල් වලින්? ඇයි මේ විදිහට සිංහල ගෑනු ළමයි පහත් තත්වයට ඇදල දාන්නේ? කාන්තා හා ළමා කාර්‍යාංශය මේවා දන්නෙ නැද්ද? බක බක බේබිට වගේ මේවට වාරණ දාන්න බැරිද? සහ මේවට ගිහින් තමංගේ දූවරුන් හෑල්ලු වෙද්දී උංගෙ දෙමාපියන් කරන්නේ මොනවාද?

    ReplyDelete
  3. හේම නලින් මහත්තයා ස්වර්ණවාහිනියෙන් දැන් ඉවත් වෙලා ඉන්නෙ. එයා ගියාට පස්සෙ තමයි වැලේ වැල් නැතිව ජරාව පෙන්නලා සල්ලි හම්බකරන්නේ.

    ReplyDelete
  4. කථානවම් ඇත්ත. තව ටිකක් කල් යද්දි බලන්න ඒව නැතිවෙයි වගේ (පවුලේ ‍සැමට)

    ReplyDelete
  5. මම දැක්ක කොහේදො බ්ලොග් එකක තිබුණ මේවට එන්නෙ රාත්‍රී සමාජශාලා වල නටන කෙල්ලො කියල. ඇත්තද දන්නෙ නෑ.

    ReplyDelete
  6. අන්තිමට දාලා තියන ලින්ක් එක නම් මරු...පෙන්ගුයින්ලගේ එක.

    අනේ මම නම් දැන් ටීවී එක බලන්නේම නෑ.බලන්න දෙයක් තියෙන්නෙ කාර්ටුන් ටිකයි ප්‍රවුර්ති විතරඉනෙ. එකත් ගොඩක් වෙලවට මග ඇරෙනව.ඔය බහුබූත බලන වෙලාවේ බ්ලොග් එකක් කියෙව්වනම් මොකද මන් අහන්නේ

    අහ් නලින් මහත්තය ගැන කිව්වම මතක් උනේ, එයා දැන් H TV(Heritage TV)කියලා අලුත් නලිකවක් පටන් අරගෙන. Dialog TV එකෙන් බලන්න පුලුවන්

    ReplyDelete
  7. ස්වර්ණවාහිනියෙ ප්‍රවෘත්ති නම් ටිකක් හොදයි. ගග දිගේ, ලෝකෙ වටේ, සලංහංතේ, දුටුනුදුටු(යාන්තම් තාම යනවා), හංස විල, ‍මහා සිංහලේ වංස කථාව වගේ හොද වැඩසටහන් එකක් දෙකක් හරි තිබුනෙ ඕකෙ විත‍රනෙ. දැන් ඒවත් දැන් යන ජරාවට මුවාවෙලා. ගන්න දෙයක් නෑ. පේනවනෙ හපන් පැදුරට කරල තියන විනාසෙ.

    ReplyDelete
  8. "මේවට සල්ලි වියදම් කරන්නෙ සිංහලයෙක් නම් වෙන්න බෑ. කොහේ හරි ඉඳගෙන අපේ සංස්කෘතිය විනාශ කරන්න හදන දෙමළෙක් තමා ඕවට සල්ලි වියදම් කරන්නෙ."

    මේක නම් අවබෝධයකින් තොරව කියපු එකක්. අනිත් එක ඒකට මේ ටිකත් සම්බන්ධයි කියලා හිතනවා.

    "මෙවා කරන්නෙ විකුනන්න විතරම ද? මට නම් තේරෙන්නෙ මේවා කරන්නෙ අපේ සංස්කෘතිය විනාශ කරන්න. අපේ කෙල්ලන්ගෙ විළිබිය නැතිකරන්න. තරුණ කොල්ලො කෙල්ලො මෝල් කරලා උන්ට උන් හිටි තැන් නැතිකරලා දාන්න කරන වැඩක් මේක."

    මේ කතාවේ ‍තේරුම මොකද්ද? මේ කතාවේ පදනමක් තියෙනවද? අපිට උන්හිටි තැන් නැති කරලා මහරාජාට හරි ඔය කියන "දෙමළාට" හරි තියෙන වාසිය මොකද්ද? මම විශ්වාස කරන්නේ අපිට විනාස කරන්න තරම් සංස්කෘතියක් නෑ කියලා. උදාහරණ පෙන්වන්න සංස්කෘතියට.

    ඔතන තියෙන්නේ ඕන මඟුලක් විකුණන්න පුලුවන් කියන සංකල්පය විතරයි. ලාභ හොයද්දි දෙමළද සිංහලද මුස්ලිම් ද කියන දේවල් නැති වෙලා යනවා. දැන් ඉතින් ඔය ඉස්ටාර් වැඩසටහන් කීයක් ගියාද? නවත්තන්න ඕඩර් ආවාද? ඕන නම් නවත්තන්න එක වචනයයිනේ ඕනේ. හිරු නැවැත්තුවේ, රජ නැවැත්තුවේ? ඇයි ඕක නවත්තන්න බැරි. මොකක් හරි demand එකක් තියෙනවා ඒවට. loving star පටන් ගත්තට පස්සේ පොඩ්ඩක හරි විරෝධතාවයක් දැක්කේ මේ ළඟදි ගහපු පෝස්ටරයක් නිසා. නැත්තන් එහෙමවත් දෙයක් නෑ.

    මාධ්‍ය වලට විකුණන්න පුලුවන් ඕනම දෙයක් තියෙනවනම් විකුණනවා. ඒකට දෙමළවත් සිංහලවත් වෙන්න ඕනේ නෑ. ඔය loving star සහ travel girls නිෂ්පාදනය කරන්නේ එකම පුද්ගලයෙක්. එයා දෙමළ නෙමෙයි. සිංහල. දන්නෝ දනිති.

    ReplyDelete
  9. මම නම් ඔය වාහිනිය බලන් එක නවත්වලා ගොඩක් කල්...මටනම් එපාම උනා....මම බලන්නේ ඉතින් ITN,SLRC තමා ලංකාවේ ඒවගන් කියලා ;)

    ReplyDelete
  10. "මේවට සල්ලි වියදම් කරන්නෙ සිංහලයෙක් නම් වෙන්න බෑ. කොහේ හරි ඉඳගෙන අපේ සංස්කෘතිය විනාශ කරන්න හදන දෙමළෙක් තමා ඕවට සල්ලි වියදම් කරන්නෙ."

    මේ කතාවට මං වැඩිය මොකුත් කියන්නේ නැත්තේ පිටස්තරයාගේ පිළිතුර නිසා. නමුත් මධ්‍යස්ථවාදී සිංහලෙක් විදිහට මට ඒ වචන හිත හොදටම රිදෙව්වා. මේක හරිම අසාධාරණ වගේම සුදු හුණු ගාන කතාවක්නේ මල්ලි. මුලින් සිරස මේ වගේ දෙයක් කරලියට ගෙනාවා තමා, කොහොමත් සිරස ගැන මගේත් කැමැත්තක් නෑ, නිකං සරැව පිත්තල එකක් වගේ(Channel 1 MTV හා ஷக்தி නෙමේ, ඒවායේ තත්වය මා සිටි කාලයේදි නම් හොද මට්ටමක තිබ්බා). නමුත් මේකේ වැරද්ද මහාරාජාට පවරන ඒක නම් උගුරට හොරා බේත් පෙවිල්ලක්. එනිත් මේ ඒ ඒ චැනල වලට ඒ ඒ අධ්‍යක්ෂක වරයෙක් ඉන්නවා, ඒ අයගේ අනුමැතිය හා අධ්‍යක්ෂණය මත මේවා කරන්නේ. ඒ අයගෙන් බොහෝ දෙනෙක් සිංහල. සුද්දා කාලේ අපි සුද්දාට බැන්නා දෙහි කැපුවා වලි දැම්මා (දාන්න ඔන තමා මං කියන්නේ වෙන එකක් ගැන), ඒ මිස අපි උන්ගෙන් ඉගෙන ගත්තාද? අලුත් දෙයක් තාම කරන්න පුලුවන් වුණාද? තාම කදුරට තියෙන්නේ සුද්දා දිපුවා. තියෙන අධ්‍යාපනයත් දේශියකරණ වුණ සුද්දාගේ ක්‍රමයමයි. ඒ වගේ එකක් තමා මේකත්, සිරස මේවා කලා කියලා අපේ උන් අහු වුණා.(ඒ දෙමල්ලුද?) ඒක දැකපු ස්වාධීන එකත් ස්වර්ණවාහිනි ඒකත් රෑපවාහිනිත් කරලා දෙරණත් කලා (ඒ දෙමල්ලුද?) (දෙමල eye හා ஷக்தி නම් මිට වඩා ගුණවත්). ඉතිං ඒ අය 'චාටර්' වෙද්දි සිරස තව ජනප්‍රිය වුණා ප්‍රකට වුණා, බැනපු අයත් ආවා. (වැරද්ද කාගේද?) වෙන්න තිබ්බ සිරසට තරගකාරි නිසි වැඩසටහන් ඉදිරිපත් නොකලේ කාගේ වැරද්දටද? ප්‍රභාගේද? මහාරාජාගේද?

    "මෙවා කරන්නෙ විකුනන්න විතරම ද? මට නම් තේරෙන්නෙ මේවා කරන්නෙ අපේ සංස්කෘතිය විනාශ කරන්න. අපේ කෙල්ලන්ගෙ විළිබිය නැතිකරන්න. තරුණ කොල්ලො කෙල්ලො මෝල් කරලා උන්ට උන් හිටි තැන් නැතිකරලා දාන්න කරන වැඩක් මේක."

    කතාව මෙතනදි නිෂ්ඵල වෙනවා, මේක දෙමලා අයට පැවරිමෙන් තලේබාන් කරැවන්ගේ, චීත්තය පොරවපු දේශපාලකයන්ගේ ගොඩට වැටෙන්න එපා. ඔයිට කලිං දේ අපිම කරලා වෙලා තියෙද්දි කතා නැත්තේ ඇයි? ඔහොම හිතන කට්ටි වැඩි වුණොත් ආයිත් කරලියකට යුද්ධයකට ලෑස්ති වෙන්න පුලුවන් වෙයි අනිවාර්යෙන්ම.

    ආදරෙන් කතා කලේ, මොකද නොදැනුවත්කමට කිවිව කියලා හිතුණු නිසා. නමුත් මිනපසු අන්තවාදි වෙන්න එපා.ඕන නම් සංවාදයක් කරමු.

    ස්තුතියි!

    ReplyDelete
  11. ලිපිය නම් ටිකක් ජාතිවාදී ගණයට වැටෙනව කියලයි මට හිතෙන්නෙ. ලංකාවෙ මොන වරදක් වුණත් ඒක වෙන කාගෙහරි සුළු ජාතිකයෙකුගෙ ගිණුමකට බැර කරන්න මහ ජාතියේ කට්ටියක් (බොහොම සුළු කොටසක් ) බලගෙන ඉන්නවා. මෙතනත් වෙලා තියෙන්නේ ඒකට සමාන දෙයක් කියලයි මට නම් හිතෙන්නෙ. (දැනුවත්ව හෝ නොදැනුවත්ව )

    ReplyDelete
  12. මම නම් හැදුවෙ මේ වැඩ සටහනට ජාතිවාදී මුහුණුවරක් දෙන්න නෙමේ. මට තියෙන වේදනාව ඇයි සිංහළ යුවතියන්ගේ ගෞරවය රකින්නෙ නැත්තෙ කියල. අන්‍ය ජාතික යුවතියන්ගෙ ගෞරවය ආරක්‍ෂා කරන්න ඒ ඒ ජාතීන් හැම වෙලාවෙම උත්සහ කරනව. අපි....?

    ReplyDelete
  13. මුලින් ම කියන්න ඕනේ මං මෙතනදී "දෙමළ" කියන වචනය භාවිතා කලේ ජාතිවාදී අරමුණකින් නෙවෙයි. මොකද ඔය කියන විදිහේ ජතිවාදයක් මගෙ නැත. එහෙම අදහස් තියෙනවා නම් මං ජීවත් වෙන පරිසරයේ ජීවත් වෙන්න බැරි වෙනවා. ජාතිවාදය නෑ කියන ගොඩක් අය පොඩ්ඩක් මෙ ගැන හිතලා බලනවද?
    තමන්ගෙ කෙල්ලත් එක්ක බස් එකක යනකොට වයසක ආච්චි කෙනෙක් නැග්ගොත් සීට් දෙන්න කලින් බලනවා නේද එයා කලු ද සුදු ද කියලා.
    ------------------------------------------------
    ඒක නෙවේ මට කියන්න ඕනේ වුනේ.
    මං Loving Star මාතෘකාවට ගත්තෙ පොදුවේ අද කාලේ TV වලින් අපේ සංස්කෘතියට සිද්දවෙන බලපෑම ගැන කතා කරන්න. නැතුව මේ තුට්ටු දෙහෙක වැඩකට නැති ජාතිවාදයක් ගැන කතාකරන්න නෙවේ.
    මන් හිතන්නෙ Comment දාපු බහුතරයක් හිතලා තියෙන්නෙ මන් අදහස් නොකල දෙයක් ගැනයි නමුත් මගෙ කතාවේ එවැනි ජාතිවාදී අදහසක් ඉස්මතු වෙනවා නම් ඒ පිළිඹඳව දහස් වාරයක් සමාව අයදිමි.
    නමුත් නැවත වරක් මා කීමට අදහස් කල ගැන පුළුල්ව සිතා බලන මෙන් ඉල්ලා සිටිමි.

    ReplyDelete
  14. @rathutharuva
    'ඒ ඒ ජාතීන්' ගෞරව රකිනවා කියන්නේ මොන කොටසද? ඇතැම් ජාතීන් ඒ ජාතීය හා බැදුණ ආගමේ හෝ සංස්කෘතියේ බලපෑම් නිතී නිසයි වෙන්නේ. නමුත් 'ඒ ඒ ජාතීන්' අතරේ ඇතැම් බොහෝ කොට්ටාශ වල තියෙන්නේ විකාර ආකල්ප හා පියවර ඒ බව out of box එකෙන් හොයන්නකෝ. ඉන්දියාවේ රෑපවාහිනිවල පත්තරවල එක එක එව්වා දානකොට වැටලටයින් එකට පහර දෙන්නයි කිස් දුන්නට ඇදුම් උගුල්ලන්නයි කරනවා.
    ගෞරව රකින පරමාතයෙන් කරන අය අඩුයි ඇත්තටම, ඒ එක්කම ඔය දේ අපේ වෙන්නෙත් අපේ වැරද්දක් නිසා. මනාප දෙන්නයි අගය කරන්නයි ඕන දෙයක් කරන්නයි ගත්තාම වෙන්නේ නැද්ද්? අනික එකෙක් වැරදියට නටනවා කියලා ප්‍රවීන නැට්ටුවෝ (රෑපවාහිනි හා ස්වර්ණවාහිනි) නටන්නත් ගන්නේ ඉතිං කාගේ වැරද්දටද?

    ජාතිවාදි කතාවක් කිව්වේ මේ ලිපියේ එකඑල්ලේම දෙමල ජාතියට කී කතාවයි.

    ReplyDelete
  15. @බින්කු
    ආගම හා සංස්කෘතියෙ බලපෑම නිසා තමා ඒ අයගෙ ආරක්‍ෂාවත් ගෞරවයත් තහවුරු වෙන්නෙ.අන්තවාදී ආකල්ප සහ විකාර විදිහෙ ඇවතුම් පැවතුම් ගැන මමත් එකඟ නැහැ. නමුත් ගැහැනිය කියන්නෙ කිසි වැද ගැම්මකට නැති වෙළඳ භාණ්ඩයක්‍ යන් ආකල්පය වැඩියෙන් සමාජගත කරන එකත් විශේෂයෙන් සිංහළ ගෑණු ළමයි වැඩි වැඩියෙන් (මේ වගේ වැඩ සටහන් වලට දෙමළ මුස්ළිම් යුවතියන් ඉදිරිපත් වෙනවා මා නිරීක්‍ෂණය කර නැත) මේවාට ඉදිරිපත් වීම තුලින් සිංහළ යුවතියන් පහත් කොට සලකනවා. හැම තැනම දූෂනය වෙන්නෙ සිංහළ කාන්තාවො. පාරෙ තොටේ බැහැලා යද්දි කොච්චර වැදගත් වුදිහට ගියත් උසුළු විසුළු වලට ලක් වෙන්නෙ සිංහල කාන්තාවො(සිංහල මිනිස්සු අතින්ම සහ අනිත් ජාතිකයන් අතිනුත්)මේ වගේ දේවල් නිසා තත්වය තවත් නරක් වෙනව. මට හිතෙන්නෙ මේ වගේ දේවල් පවතින්නෙ ඒවාට මිනිස්සු ඉදිරිපත් වීමත් ඒවා නැරඹීමත් නිසා. ඉතිං අපේ යුවතියන් මේ වැඩසටහනට ඉදිරිපත් වෙන තාක් කල්, මිනිස්සු ඒවා බලනතාක් කල් සහ අපි මේ වැඩසටහන් ගැන මේ වගේ තර්ක විතර්ක කරන තාක් කල් මේ වැඩසටහන් මේ විදිහටම පවතීවි.

    ReplyDelete
  16. ජාතිවාදය කියන වචනය මොහොතකට අමතක කරලා අපි කතාකරමු.
    අපේ කෙල්ලන්ව ම මෙ වගේ දෙවල් වලට යොදාගෙන සංකර සිරිත් අපේ සංකෘතියට එකතු කරන්න හදන කුමන්ත්‍රණය ගැන අපි කතා කරමු.
    කෙසේ වෙතත් අපේ අදහස් විවිධකාර වෙන්න පුළුවන් නමුත් අපි මේ සංවාදය,අපේ මතවාද මේ ලිපියෙන් එහාට ගෙනියන්න උවමනා නැත.
    අපේ හිත්වත් කම් මේ නිසා පළුදු නොවිය යුතුබව විශේෂයෙන් ම මතක් කලයුතුයි.

    ReplyDelete
  17. පොඩ්ඩා සමග එකඟ වෙමි. අපේ මතිමතාන්තර ඉදිරිපත් කරමින් එක එක Topics ගැන ගහ බැන ගත්තට අපේ හිතවත් කම් යාළු මිත්‍රකම් පළුදු කර නොගත යුතුයි.

    ReplyDelete
  18. ධනේෂ්වරයේ මේ යුගයේදී සියලු දේ වෙළඳ භාණ්ඩ විතරයි. හොඳට හිතල බැලුවොත් තේරෙනවා අලුත් අවුරුද්දේ ඉදල වෙසක් පොහොය පවා තවදුරටත් අපි සමරන්නේ මාධ්‍ය මඟින් ගොඩනඟට කාලසටහනකට අනුරූපව විත්තිය. මේ විදියට මාධ්‍ය තුලින් ගොඩ නඟන ප්‍රතිරූපයන් හා ඉලක්කයන් විසින් සමස්ථ සමාජයම හසුරවනවා. ඔය star මේනියාවේ සිට යුද්ධය සම්බන්ධයෙන් වුනත් ජනමාධ්‍යයේ භූමිකාව තුලින් පෙන්නුම් කරන්නේ එයයි.තවදුරටත් එය එක් ජාතියකට, ආගමකට විතරක් සීමා වූ ප්‍රශ්නයක් නෙමෙයි. පොදු ගැටළුවක් එක් ජාතියකට, ආගමකට ලඝු කොට විකෘති අර්ථයක් දීම තුල තියෙන්නෙත් අන්තවාදය නැත්නම් ජාතිවාදයම තමයි.

    rathutharuva කී කතාවේ යම් ඇත්තක් තියෙනවා. හැබැයි එසේ වී ඇත්තේ ’සිංහල සංස්කෘතිය’ විනාශ කිරීමේ අරමුණින් කෙරෙන සංස්කෘතික කුමන්ත‍්‍රණයක් නිසාය කියල කවුරුහරි කියනව නම් ඒක විහිළුවක්.
    මේ වැඩසටහන් වලට දෙමල හෝ මුස්ලිම් තරුණියන්ගේ සහභාගිත්වය අවම වීමට හේතුව ආගමික, සංස්කෘතික හේතුන් වලට වඩා වැඩසටහනේ භාෂා මාධ්‍ය හා වැඩසටහන ඉල්ක්ක කරන ජනකොටස කුමක්ද යන්න බලපානවා. ස්වර්ණවාහිනිය හා සිරස නැතිනම් ජාතික රූපවාහිනිය වුනත් ඉල්ක්කගත නරඹන්නන් වෙන්නේ සිංහල භාෂාව කතා කරන ජනතාව මිසක් දෙමළ බස කතා කරන ජනයා නොවෙයි. ඒ කාරණය නොසලකා මෙයට ගොදුරු වී ඇත්තේ සිංහල තරුණ තරුණියන් පමණක්ය, මේක සිංහලයන්ට පමණක් බලපාන ප්‍රශ්නයක්ය කියල නිගමනය කිරීම වැරදියි.

    @ පොඩ්ඩා:
    [q]මේවට සල්ලි වියදම් කරන්නෙ සිංහලයෙක් නම් වෙන්න බෑග කොහේ හරි ඉඳගෙන අපේ සංස්කෘතිය විනාශ කරන්න හදන දෙමළෙක් තමා ඕවට සල්ලි වියදම් කරන්නෙ[/q]
    [q]මුලින් ම කියන්න ඕනේ මං මෙතනදී ,දෙමළ, කියන වචනය භාවිතා කලේ ජාතිවාදී අරමුණකින් නෙවෙයි[/q] -- පොඩ්ඩා

    එහෙනම් වෙන මොන අදහසකින්ද, ඔතන ‘දෙමළෙක්‘ කියල යොදන්න තිබුණු වෙන උවමනාව මොකක් වෙන්න පුලුවන්ද? මට පොඩ්ඩට ජාතිවාදියෙක්ය කියල ලේබල් ගහන්න නම් උවමනාවක් නෑ. එත් එසේ යෙදුව හේතුව නම් අපහැදිලියි.

    [q]ජාතිවාදය නෑ කියන ගොඩක් අය පොඩ්ඩක් මෙ ගැන හිතලා බලනවද?
    තමන්ගෙ කෙල්ලත් එක්ක බස් එකක යනකොට වයසක ආච්චි කෙනෙක් නැග්ගොත් සීට් දෙන්න කලින් බලනවා නේද එයා කලු ද සුදු ද කියලා[/q]

    පොඩ්ඩා මෙහෙම හිතනවද කියන්න මම දන්නේ නැහැ. ඒත් කවුරු හරි එහෙම හිතන එකෙක් ඉන්නව නම් ඒකා මානසික රෝගියෙක් විතරයි. අනික මෙතන ජාතිවාදයට ඇති සම්බන්ධය මොකක්ද? මේ උත්තරය හරියට ‘යන්නේ කොහේ? මල්ලේ පොල්’ වගේ උත්තරයක්.
    --

    ReplyDelete
  19. පොඩ්ඩෝ සමා වෙන්න ඔබ කලිං දාලා තිබ්බ එකක් මග මග හැරැණා. ඔයාව මං ජාතිවාදි ගොඩට දැම්මේ නෑ. නමුත් වචනයකින් ඒ බවක් ඉස්මතු වුණානේ, නමුත් මා කතා කල ස්වරෑපයට සමා වෙන්න. ඔබව රිදවන්න ඕන වුණේ නෑ මට. නමුත් එසේ කිසි සම්බන්ධයක් නැති නකාටසක් අදාල කලේ ඇයි? මේ ලිපියේ උන් කියන කොටස ඒ අයට බැර වෙනවානේ එකයි. පරිස්සමෙන් මලේ, පොඩ්ඩ ඇති සිංහලයෝගේ ආකල්ප වරද්දවා පෙන්වන්න. මං තරහ නම් නෑ කාත් එක්කවත්, සතුරෝ එක්කවත්.

    තමන්ගෙ කෙල්ලත් එක්ක බස් එකක යනකොට වයසක ආච්චි කෙනෙක් නැග්ගොත් සීට් දෙන්න කලින් බලනවා නේද එයා කලු ද සුදු ද කියලා. ඒක ජාතිවාදී නෙමේ වර්ණවාදීයි. ඒ අ‍පේ ගොඩාක් දෙනෙක්ට වගේ තියෙන/තිබ්බ මානසික ආනතිතයක්. ඒක තියෙන කෙනෙක් ඉන්නවා නම් සායනකට දාන්න. මේ වගේ වර්ග කිරිම් ගොඩායි මචෝ, යුද්ධයක් නැති වුණාට ගැටුම් තියෙනවා එක්ක. ඒ ගැන වෙනම එකක් දාන්නත් වෙයි එක්කෝ.

    සිරසෙත් ඔය වැඩ සටහන් ගැන මා කිව්වා වගේම කසුනයියා කිව්වානේ. එකමයි මා පිළි ගන්නේ. අති විශ්ෂ්ඨයි කසුනයියේ!

    ReplyDelete
  20. සකලක බේබි,ගෞතමී,ෆ්‍රෙන්ඩ්ස් වගේ ටෙලි නාට්‍ය නිෂ්පාදනය/ අධ්‍යක්ෂණය කලේ කව්ද? කියලා ටිකක් විමසා බලන්න.
    එම ටෙලි නාට්‍ය වලින් මිනිස් සමජයට ගන්න දෙයක් තිබුනද?
    කොපිකඩේ, සුවඳ කැකුළු, බොඩිම, හැන්දෑව , සෙදෝනා වගෙ පව්ලේ කට්ටියට එකතුවෙලා රසවිදින්න දෙයක් තිබුනද ඒ එක ටෙලි නාට්‍යක වත්.
    රගපාපු නළු නිළියන්ටත් එපා උන ටෙලි නාට්‍ය ගැන තව කවර කතාද?
    market කරන්න පුලුවන් කියලා ඉබාගාතේ වැඩසටහන් පෙන්වන 1 මාධ්‍ය සදාචාරය ද?

    ReplyDelete
  21. මල්ලි ඒවා කල අයගේ අනං මනං එව්ව හින්දා අපිව කන්න බලා ගෙන කලා නෙමේ අපේ රටේ මේ වගේ ඒවාට තිබෙන ජනප්‍රියත්වය නිසායි ඒ දේ කලේ. ඒ පැත්ත නො අල්ලං පොඩ්ඩක් අපි අපෙන්ම විමසලා බැලුවා න්ම තෙරේවි, ඒ අයට (හෝ ඒ අය අයත් කාණ්ඩයට) බැණලා වැඩක් නෑග

    රතු තරැව, ලංකාවේ බහුතරය සිංහල නිසාත් මාධ්‍ය වලින් බහුලව දෙන්නේ සිංහළ අයට මෙසේ කරන එක තමා. නමුත් සිංහල අයට විතරයි කියලා බෝඩ් කරනවා නම් මනස්ගාතයක්. දුෂණ කරන්න අනං මනං කරන්න ජාතිය ආගම බලන්නේ නෑනේ. ඒ අතින් වැරදි වුවත් සංකල්පයේ ඇත්තක් තියෙනවා. මා කලිං කිව්වේ ඒ සංස්කෘතිය හා ආගමට විරැද්ධව නෙමේ. නමුත් ඒ හා ගන්නා උච්ත නොවු දේ ගැනයි. "ආගම හා සංස්කෘතියෙ බලපෑම නිසා තමා ඒ අයගෙ ආරක්‍ෂාවත් ගෞරවයත් තහවුරු වෙන්නෙ.අන්තවාදී ආකල්ප සහ විකාර විදිහෙ ඇවතුම් පැවතුම් ගැන මමත් එකඟ නැහැ. නමුත් ගැහැනිය කියන්නෙ කිසි වැද ගැම්මකට නැති වෙළඳ භාණ්ඩයක්‍ යන් ආකල්පය" යන්නට මා සම්පුර්ණයෙන් එකගයි.

    ReplyDelete
  22. මගේ ආදරණීය මිතුරනි,
    ජාතිවදය, ආගම්වාදය,වර්ණවාදය, ආදී දෙවල් අපි පැත්තකින් තියමු. අපි එමු සංවාදයට "මාධ්‍ය සහ සදාචාරය" මං අලුත් ලිපියක් අරඹන්නම් අපි සංවාදයක් ගොඩනගමු. මගේ ලිපියේ මා අතින් කියවුන යම් වචනයකින් හෝ කිසිවෙකුගේ සිත් රිදීමක් ඇති උනා නම් මං ඒ පිළිඹඳව මගේ කණගාටුව ප්‍රකශ කරන්න කැමතියි. මං එම ලිපිය සංශෝදනය නොකරමි. (ඒ මාගේ දැඩි මතවාදයක් නිසා යැයි කිසි විටෙකත් නොසිතන්න )ඔබගේ අදහස් මං ගරු කරන නිසවෙන් මුල් ලිපිය කිසිදු වෙනසක් නොකොට එලෙසම තබමි.

    ReplyDelete
  23. ස්වර්ණවාහිනිය තමයි දැන් ලංකාවෙ තියෙන චැනල් වලින් බාලම එක, එකෙ හිටපු දක්ෂයො ගොඩක් එකෙන් ඇත්වෙල සමහ‍රක් මොඩයො රැලට එකතුවෙලා, හෙමනලින් මහත්තය අයින්වුනාට පස්සෙ තමයි ගොඩක් න‍රක උනෙ , ඊටත් වඩා වරැද්ද තමයි හෙමනලින් මහත්තය වෙනුවට පත්ක‍රපු එකා මටනම් පෙන්නෙනැහැ මිනිහ ඔතනට සුදුසු කෙනෙක් කියල.

    කාලයක් බලන්න පුලුවන් චැනල් එකකට තිබුනෙ ඔක තමයි එත් දැන් සල්ලි හොයන්න ගිහින් එතත්වය නැතික‍රල
    ඔයගොල්ලො දැකල තියෙනවද අරක්කු දර්ශනයක් යන වෙලවට ක‍රනදෙ , එකට කොටුදාල මකනව මදිවට සොඩ බෝතලයක් පෙන්නව රස නොම‍රා රස විදින්න කියල එ වෙලාවට තමයි මුන් දෙතුන් දෙනෙක් ම‍රන් කන්න හිතෙන්නෙ මුන් හිතනවද දන්නෙනැ මෙකෙන් උන්ගෙ නිර්මාණ හැකියාව පෙන්නනව කියල.

    හෙමනලින් රුපවාහිනියෙ ඉන්නකොට වගෙම හොද දක්ෂ නවකයින් මෙකෙදිත් හදුන්වලදුන්න එ අයගෙනුත් දැන් වැඩක් නැතුව යනව පිස්සොන්ට බාරදීමෙන්

    මෙවගේ දෙවල් දිගටම සිද්ද වෙන්නෙ අපෙම අයගෙ මොඩ වැඩවලින් මොකද කෙනෙක් ප‍්රශ්නයක් නැගුවම එකට අදාල නැතිදෙයක් අල්ලගෙන වාදක‍්රන එක එකෙන් වෙන්නෙ ප‍්රශ්නය වෙන පැත්තක තියෙද්දි වෙනත් දෙයක් ගැන වාදකිරීම හ‍රියට මෙකෙදි කොහෙවත් නැති ජාතිවාදයක් පටලව ගත්තු එක වගෙ

    ReplyDelete
  24. @පොඩ්ඩා

    අනිවා! :) දෙඤඤකෝ බැටේ! ;)

    ReplyDelete
  25. හරි කතාව පටන් ගමු Comment වලින් ම මං මගෙ පිටුව. ඇරල තියෙන්නෙ

    ReplyDelete