Thursday, May 7, 2009

අපටමයි වෙන්නෙ

අනාත සාගරේ.....
කතන්දරයක් තියෙනවා අදත් කියන්න.
අනේ මන්දා මේක කියන එක හරිද කියලත් එත් ඉතින් ඕනේ කජුගහක් යටින් යන්න කියලා මං කියලා දානවා අප්පා.
පොඩ්ඩගෙ යාළුවෙක් ඉන්නවා උගෙ නම කියන එක හරි නෑනෙ
මූ මොන නැකතකින් ඉපදිලාද මන්දා. පොඩි ළමයින්ට පුදුම ආසාවක් තියෙන්නෙ.
කොහේ හරි පොඩි එකෙක් දක්කොත් මූට ඇතිවෙනවා දරුදුක මේක කොහෙන් ආපු දරු සෙනෙහසක් ද දන්නෑ.

දවසක් බස් එකකට නැග්ග ගමන් දැක්ක අම්මා කෙනෙක් ඉන්නවා පොඩි ළමයෙකුත් තියාගෙන. මූ ටක් ගාලා පැන්න එතනට. දන් ඉතින් පොඩි එකාට එක එක ඒවා කරනවා. මූ දන්නෙත් නෑ ඌ බස් එකට ම ජෝකර් වෙලා. පොඩි එකාටත් මාර happy බබාගෙ අම්මගෙනුත් අවුලක් නෑ ඔහොම ටිකක් දුර යනකොට. මේකා පොඩි එකාට ලං වෙලා නහය එහෙම අතගාලා තාත්තගෙ වගේමයි නහය කියලා, ඊට එහා පැත්තෙන් වාඩි වෙලා හිටපු මනුස්සයා දිහා බැලුවා. මිනිහටත් හිනා. වැඩේ වැරදුනා බබගේ අම්මට යකා නැග්ගා."ඕයි මේ මගෙ මනුස්සයා නෙවෙයි" කියගෙන අරූගෙ ඇගට කඩා පැන්නා. මිනිහටත් ඉතින් කරකියාගන්න දෙයක් නැති උනා. පොළොව පලාගෙන යන්න හිතෙන්න ඇති. ඒත් ඉතින් මොනවා කරන්නද? නෝන්ඩිය විඳගෙන ම සෙනග අතරින් නොපෙනී ගියාලු.

මොනවා උනත් මිනිහා විවෘත මනුස්සයා. අපට ඇවිදින් සින්ඩිය කිව්වනෙ. ඔන්න ඉතින් හුදී ජන(බහු ජන, මහ ජන,ආදී වශයෙන් වූ ) පහන් සංවේග උදෙසා මං මෙසේ පලකර සිටිනවා.

8 comments:

  1. බි පෙ සි :D හිහ් හිහ් හීඊඊ
    මරු වැඩේ වෙලා තියෙන්නේ

    ReplyDelete
  2. හික්... හික්....
    කොහොමද තාත්තා හිටගෙන වෙන තැනක හිටිය නම් අද එහෙනම් පොඩ්ඩට ලියන්න වෙන්නේ යළුවගේ වියෝව ගැන.

    ReplyDelete
  3. හික් හික්... එළ කතාව

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. ඔය තැනැත්තා කාන්තාවක්ද පුරැෂයෙක්ද?

    පුරැෂ වංශයේ නම් එහෙම අය ඉන්නවා ඇහුවාමයි!

    ReplyDelete
  6. පොඩ්ඩගේ දකුණු පැත්තේ තීරුව දැක්කේ දැන්නේ. ඔය තියෙන ලින්ක් එක නම් ටිකක් පරණයි පොඩ්ඩෝ. ඔය version එකේ start up එකට short cut එකක් ඇවිත් පොඩි කරදරක් දෙන්න ඉඩතියෙනවා .
    http://apps.pahans.com/portuniff/download.php මේකේ ඒ ලෙඩේ නැහැ.

    ReplyDelete
  7. ස්තුතියි පහන් අයියා.
    ඔබෙන් ලැබෙන සහයෝගය පොඩ්ඩාව දිරිමත් කරනවා.

    ReplyDelete
  8. හී හී හී... පව් වැඩේ...
    මොනා උනත් පොඩිලමයින්ට ඔය ත‍්රන් කැමති පිරිමි ලමයෙක් ගැන ඇහුවමයි මේ...

    ReplyDelete