Thursday, May 21, 2009

සෙබළානනේ ඔබ මැරුනා නොවේ, කුසුමක් වෙලා ඔබ පිපුනා ලයේ.............

පොඩ්ඩා මේ දවස් ටිකේ නිදහසේ සතුට සැමරුවා යළුවනේ, ඒකයි එන්න බැරිඋනේ අද තමයි පළා මල්ලට ගොඩ වැදුනේ
ආයුබෝවන්ඩ.........

ඔන්න ඉතින් අපේ කොල්ලො ටික දෙය්යනේ කියලා යුද්දෙ ඉවර කරලා දුන්නා.

අපි උපන් දා ඉඳලා තිබ්බ මේ කාළකණ්ණි යුද්දෙ ඉවර උන එක ගැන නම් කියන්න වචන නෑ... සන්තොසේ බෑ අප්පා........
ඒ සතුට වෙනුවෙන් අපි කිරිබත් කෑවා, රතිඤ්ඤා පත්තුකලා, කොඩි දැම්මා, පෙලපාලි ගියා. ඒත් අපේ වැඩ කොටස කරන්න තියෙන්නෙ දැන් තමයි.
අපේ උදාර රණවිරුවෝ අපෙ මව් බිමට නිදහස ගෙනත් දුන්නා. අපි දැන් අපේ මව් බිම දියුනු කරන්න, සංවර්ධනය කරන්න අපේ යුතුම් කොටස ඉටුකරන්න ඕනේ යාළුවනේ

යුද්දය නිසා අසරණ වුන කොටසක් ඉන්නවා, අපේ රටේ නිදහස වෙනුවෙන් තමන්ගෙ, පුතා දුව හමුදාවට භාරදුන්න උදාර අම්මලා, තාත්තලා කොටසක් ඉන්නවා, අපට නිදහස් රටක් ඉතිරි කරන්නට, අත් පා ඇස් හිස් අහිමි කරගත්ත අපේ ම ආදරණීය සහෝදර සහෝදරියන් පිරිසක් ඉන්නවා. යුද්දය නිසා තම ආදරණීය සැමියා අහිමි වුනු බිරින්දෑවරුන් ,ආදරණීය මව් පියන් අහිමි වුනු දූ දරුවන් අපි අපේ යුතුකම් කොටස ජාතියක් විදිහට ඒ අය වෙනුවෙන් අනිවාර්යයෙන් ම ඉටුකල යුතුයි.

අපට රටක් ඉතිරි කරන්නට තම ජීවිතය පවා අහිමි කරගත් අපේ උදාර රණවිරුවන්, උදාර සෙන්පතියන් අපට කිසි විටෙකවත් අමතක කරන්න බෑ,
බිමට කෙල ගහන්න එපා යලුවනේ. මේක අපේ උදාර විරුවන් මිහිදන් කරපු පොළොව.
දවසකට විනාඩියක් වත් අපි ඒ උදාර විරුවන් සිහිකරමු. අමතක කරන්න එපා! අපි නිදහසේ හුස්ම ගන්න වාරයක් වාරයක් පාසා ම අපි ඔවුන්ට ණය ගැතියි.

අපේ රටේ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගෙන දන් පිට රටට තමන්ගෙ සේවය ලබාදෙන
ලාංකිකයන්ගෙන් මං මේ අදරණීය ඉල්ලීම කරන්නෙ. මහත්වරුනේ අපි දැන් අපේ මව්බිමේ
දියුනුව වෙනුවෙන් අත්වැල් බැදගනිමු. එන්න අපේ මව්බිමට. අපට දැන් අපේ ම නිදහස් රට
ක් තියෙනවා. අපි අපේ මුතු ඇටය ඔප මට්ටම් කරමු. නැවතත් ලොවින් උතුම් රට අපෙ මව්
රට කියලා අඩම්බරයෙන් කියන්න පුලුවන් රටක් ගොඩනගමු.

මැදපෙරදිග සේවය කරන ආදරණීය අම්මෙ, අක්කේ, අපි දැන් අපේ රටට එමු, මෙහෙ තේ ගස් ටිකක් වවමු, අපේ රබර් ගස්ටික සුද්ද කරලා ගමු, කුඹුරු ටික ආයෙත් අස්වද්දමු. අපේ ශ්‍රමය රට ඕනේ වෙලාවක් මේක.
අපි අපේ රටේ ඇදුම් මහමු, අපි ඒවා අපනයනය කරමු.
යුද්දය ගැන විවිධ මතිමතාන්තර තිබුනා, සංවාද තිබුනා, නමුත් දැන් යුද්දය ඉවරයි දෙය්යනේ, තවත් වචන හරඹ කරලා වැඩක් නෑ අපි එකතුවෙලා අපෙ රට ගොඩනගමු.


මගේ මව්බිම, ශ්‍රි ලංකා මාතවට ජයවේවා !

3 comments:

  1. WE SALUTE OUR HEROES !!!!!!!!!!!!!!!!

    ReplyDelete
  2. මටත් කියන්න තියෙන්නෙ ඔය ටිකමයි පොඩ්ඩො. එහෙනම් පටන් ගමු අපේ යුද්දය. රට හදන යුද්දය.

    ReplyDelete
  3. පොඩ්ඩගෙ කතාව නං මසුරං...ඇත්ත පොඩ්ඩො.. යමක් ලබා ගත්තට පස්සෙ ඒක ආරක්‍ෂාකරගෙන පවත්වාගෙන යන එක තමා වඩා අමාරු සහ වැදගත්. මේ තරම් කැපකිරීම් කරලා අපේම සහෝදර සහෝදරයින් අපට දිනා දුන් මේ ජයග්‍රහනය ආපස්සට හැරවීම හෝ නොහැරවීම තියෙන්නෙ අපෙ අතේ.

    ReplyDelete