Tuesday, September 7, 2010

මොරටුවෙ කොල්ලො මෙහෙම කියනවලු

හන්තානට පායන සඳ අපට නැත.
කොලඹ වගේ හැඩ පොෂ් බඩු අපට නැත.
ජ'පුරෙ වගේ 1ට 3ක් අපට නැත.
බීලා ගත්තු ආතල් නම් එමට ඇත.

සැ:යු:මේක මගෙ යලුවෙක් එවපු mail 1ක තිබුනෙ, ඔයලටත් බලගන්න post කලා

Monday, April 12, 2010

කලකට පස්සේ වෙලකට බැස්සේ.................

ඔන්න ඉතින් අපේ යලුවො අමතක නැති නිසා
කොහේදෝ ඉදලා පොඩ්ඩ අවා ඔයාලා අතරට.
බින්කු,රතු තරුව,දක්ෂින,සංජය(මෙකී නොකී අපේ යාලුවො සැවොම)
අපි ආයෙත් සෙට් වෙමු.

පොඩ්ඩා ආතක් පාතක් නැතුව ඉදලා දැන් තමයි යන්තම්
ගොඩ ආවෙ................

Thursday, May 21, 2009

සෙබළානනේ ඔබ මැරුනා නොවේ, කුසුමක් වෙලා ඔබ පිපුනා ලයේ.............

පොඩ්ඩා මේ දවස් ටිකේ නිදහසේ සතුට සැමරුවා යළුවනේ, ඒකයි එන්න බැරිඋනේ අද තමයි පළා මල්ලට ගොඩ වැදුනේ
ආයුබෝවන්ඩ.........

ඔන්න ඉතින් අපේ කොල්ලො ටික දෙය්යනේ කියලා යුද්දෙ ඉවර කරලා දුන්නා.

අපි උපන් දා ඉඳලා තිබ්බ මේ කාළකණ්ණි යුද්දෙ ඉවර උන එක ගැන නම් කියන්න වචන නෑ... සන්තොසේ බෑ අප්පා........
ඒ සතුට වෙනුවෙන් අපි කිරිබත් කෑවා, රතිඤ්ඤා පත්තුකලා, කොඩි දැම්මා, පෙලපාලි ගියා. ඒත් අපේ වැඩ කොටස කරන්න තියෙන්නෙ දැන් තමයි.
අපේ උදාර රණවිරුවෝ අපෙ මව් බිමට නිදහස ගෙනත් දුන්නා. අපි දැන් අපේ මව් බිම දියුනු කරන්න, සංවර්ධනය කරන්න අපේ යුතුම් කොටස ඉටුකරන්න ඕනේ යාළුවනේ

යුද්දය නිසා අසරණ වුන කොටසක් ඉන්නවා, අපේ රටේ නිදහස වෙනුවෙන් තමන්ගෙ, පුතා දුව හමුදාවට භාරදුන්න උදාර අම්මලා, තාත්තලා කොටසක් ඉන්නවා, අපට නිදහස් රටක් ඉතිරි කරන්නට, අත් පා ඇස් හිස් අහිමි කරගත්ත අපේ ම ආදරණීය සහෝදර සහෝදරියන් පිරිසක් ඉන්නවා. යුද්දය නිසා තම ආදරණීය සැමියා අහිමි වුනු බිරින්දෑවරුන් ,ආදරණීය මව් පියන් අහිමි වුනු දූ දරුවන් අපි අපේ යුතුකම් කොටස ජාතියක් විදිහට ඒ අය වෙනුවෙන් අනිවාර්යයෙන් ම ඉටුකල යුතුයි.

අපට රටක් ඉතිරි කරන්නට තම ජීවිතය පවා අහිමි කරගත් අපේ උදාර රණවිරුවන්, උදාර සෙන්පතියන් අපට කිසි විටෙකවත් අමතක කරන්න බෑ,
බිමට කෙල ගහන්න එපා යලුවනේ. මේක අපේ උදාර විරුවන් මිහිදන් කරපු පොළොව.
දවසකට විනාඩියක් වත් අපි ඒ උදාර විරුවන් සිහිකරමු. අමතක කරන්න එපා! අපි නිදහසේ හුස්ම ගන්න වාරයක් වාරයක් පාසා ම අපි ඔවුන්ට ණය ගැතියි.

අපේ රටේ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගෙන දන් පිට රටට තමන්ගෙ සේවය ලබාදෙන
ලාංකිකයන්ගෙන් මං මේ අදරණීය ඉල්ලීම කරන්නෙ. මහත්වරුනේ අපි දැන් අපේ මව්බිමේ
දියුනුව වෙනුවෙන් අත්වැල් බැදගනිමු. එන්න අපේ මව්බිමට. අපට දැන් අපේ ම නිදහස් රට
ක් තියෙනවා. අපි අපේ මුතු ඇටය ඔප මට්ටම් කරමු. නැවතත් ලොවින් උතුම් රට අපෙ මව්
රට කියලා අඩම්බරයෙන් කියන්න පුලුවන් රටක් ගොඩනගමු.

මැදපෙරදිග සේවය කරන ආදරණීය අම්මෙ, අක්කේ, අපි දැන් අපේ රටට එමු, මෙහෙ තේ ගස් ටිකක් වවමු, අපේ රබර් ගස්ටික සුද්ද කරලා ගමු, කුඹුරු ටික ආයෙත් අස්වද්දමු. අපේ ශ්‍රමය රට ඕනේ වෙලාවක් මේක.
අපි අපේ රටේ ඇදුම් මහමු, අපි ඒවා අපනයනය කරමු.
යුද්දය ගැන විවිධ මතිමතාන්තර තිබුනා, සංවාද තිබුනා, නමුත් දැන් යුද්දය ඉවරයි දෙය්යනේ, තවත් වචන හරඹ කරලා වැඩක් නෑ අපි එකතුවෙලා අපෙ රට ගොඩනගමු.


මගේ මව්බිම, ශ්‍රි ලංකා මාතවට ජයවේවා !

Monday, May 11, 2009

කවුද කඩුවෙල ඉන්නෙ?

දන්නවද?
කඩුවෙලට නම හැදුනෙ කොහොමද කියලා. දන්නෙ නැත්නම් මෙන්න දැනගන්න .
ඔන්න ඉස්සර රාජසිංහ රජ්ජුරුවො ඔය දැන් කඩුවෙල කියන පැත්තෙන් යනකොට. රජතුමාට පොඩි ශාරීරික අවශ්‍යතවයක් ඇති උනාලු. රජතුමා ඉතින් එයාගෙ සේනාවට පොඩ්ඩක් නවතින්න කියලා . කැලේ පැත්තට ගියා තමන්ගෙ වැඩේ කරගන්න.
අම්මටහුඩු රජ්ජුරුවො කැලේට යනකොට රජ්ජුරුවන්ට පෑගුනා ...................................................................
කඩුවක් නිකං ම නිකං කඩුවක් නෙවෙයි රත්තරන් කඩුවක් රජ්ජුරුවන්ට කෑගැස්සුනා.
රජතුමා කඩුව අතට අරගෙන හොදට අතගාලා බලලා. "කඩුව එළ" කිව්ව.
එදා ඉදන් තමයි ඔය පැත්තට කඩුවෙල කියන්නෙ.

Thursday, May 7, 2009

අපටමයි වෙන්නෙ

අනාත සාගරේ.....
කතන්දරයක් තියෙනවා අදත් කියන්න.
අනේ මන්දා මේක කියන එක හරිද කියලත් එත් ඉතින් ඕනේ කජුගහක් යටින් යන්න කියලා මං කියලා දානවා අප්පා.
පොඩ්ඩගෙ යාළුවෙක් ඉන්නවා උගෙ නම කියන එක හරි නෑනෙ
මූ මොන නැකතකින් ඉපදිලාද මන්දා. පොඩි ළමයින්ට පුදුම ආසාවක් තියෙන්නෙ.
කොහේ හරි පොඩි එකෙක් දක්කොත් මූට ඇතිවෙනවා දරුදුක මේක කොහෙන් ආපු දරු සෙනෙහසක් ද දන්නෑ.

දවසක් බස් එකකට නැග්ග ගමන් දැක්ක අම්මා කෙනෙක් ඉන්නවා පොඩි ළමයෙකුත් තියාගෙන. මූ ටක් ගාලා පැන්න එතනට. දන් ඉතින් පොඩි එකාට එක එක ඒවා කරනවා. මූ දන්නෙත් නෑ ඌ බස් එකට ම ජෝකර් වෙලා. පොඩි එකාටත් මාර happy බබාගෙ අම්මගෙනුත් අවුලක් නෑ ඔහොම ටිකක් දුර යනකොට. මේකා පොඩි එකාට ලං වෙලා නහය එහෙම අතගාලා තාත්තගෙ වගේමයි නහය කියලා, ඊට එහා පැත්තෙන් වාඩි වෙලා හිටපු මනුස්සයා දිහා බැලුවා. මිනිහටත් හිනා. වැඩේ වැරදුනා බබගේ අම්මට යකා නැග්ගා."ඕයි මේ මගෙ මනුස්සයා නෙවෙයි" කියගෙන අරූගෙ ඇගට කඩා පැන්නා. මිනිහටත් ඉතින් කරකියාගන්න දෙයක් නැති උනා. පොළොව පලාගෙන යන්න හිතෙන්න ඇති. ඒත් ඉතින් මොනවා කරන්නද? නෝන්ඩිය විඳගෙන ම සෙනග අතරින් නොපෙනී ගියාලු.

මොනවා උනත් මිනිහා විවෘත මනුස්සයා. අපට ඇවිදින් සින්ඩිය කිව්වනෙ. ඔන්න ඉතින් හුදී ජන(බහු ජන, මහ ජන,ආදී වශයෙන් වූ ) පහන් සංවේග උදෙසා මං මෙසේ පලකර සිටිනවා.

Wednesday, May 6, 2009

මාධ්‍ය සහ සදාචාරය

අපි කතා කරමු.

market කරන හැම දේකටම Value එකක් තියෙනව ද?

මාධ්‍යක වගකීම හැම දෙයක් ම market කිරීමද?

පොඩ්ඩාට වෙච්චි ඇබැද්දිය.

හවස 5 වෙනකල් ඇඟිලි ගැන ගැන ඉන්නකොට දන්නෙම නැතුව නින්ද ගියා.
වැඩකරන තැන නිදාගන්න එක මොනතරම් අශෝභන ක්‍රියාවක් ද කියලා මට තේරුනේ කට්ටියම වටවෙලා කැමරා ෆෝන් දික්කරගෙන ඉන්නකොටයි.

එක නෙවෙයි කතාව. ඔය විදිහට ගෙවුනු දවසේ අසුන්දර මතකයන් පොදි බැඳගෙන දෙයියනේ කියලා නැග්ගා බස් එකකට ගෙදර යන්න හිතගෙන. නැග්ග විතරයි දෙයියෙක් පන්නගෙන ඇවිත් ගැහුවා රිදෙන්න කණේ පාරක්.(ඔය කිව්වෙ බස් එකේ හොඳ සීට් එකක් තිබුනා කියන එකනෙ ).
පොඩ්ඩා පැන්න ගමන් මුල්ලට ගියා හොද ඇලට් එකක් දාගෙන යන්න. අම්මපා ගෙදර ඇඳට වඩා හොඳට නින්ද ගියා. හීනෙන්ද කොහෙද ටිකට් 1ත් අරගෙන තිබුනා. බස් 1ත් ඉතින් දැන් ගොඩාක් දුර ඇවිල්ලා.
පොඩ්ඩාට නිකමට වගේ නැගිටලා වටපිට බලන්න හිතුනා. පොඩි කිචි කිචි... සද්දෙකුත් එනවා බස් එකෙන්.
ඉතින් දැන් නැගිටලා බලන්නම හිතෙනවා. හිතට දහිරිය අරගෙන බැලුවා වටපිට බහුතරයක් පොඩ්ඩා දිහා බලගෙන හීනියට හිනා වෙනවා. පොඩ්ඩා දැන් ටිකක් ජනප්‍රියයි නෙ.

පොඩ්ඩාට දැන් හරි ආඩම්බරයි. !

පොඩ්ඩ, මහවැලියෙ ඉඩම් හම්බවුනු ඳඹානෙ වැද්දෙක් වගේ ප්‍රීතියෙන් ඉපිලුනා.
පොඩ්ඩට උඩ පනින්න හිතුනා, ඒත් උඩ පනින අතරෙ කවුරු හරි සීට් 1ට විද්දොත් කියලා පොඩ්ඩා හැමෝටම හදවතින් ම නැගුනු මද සිනහවකින් සංග්‍රහ කලා.


කවුළුවෙන් පිටත බලන්න හදනකොටයි දැක්කෙ.

මළ හත්තිලව්වයි ! $ $ $ $
පොඩ්ඩගෙ ඇස් වලින් $ විසි උනා.
පොඩ්ඩ නිදාගෙන හිටපු තැන වීදුරුවෙ ගෑනු ළමයෙක්ගෙ ලොකු පොටෝ එකක් අලවලා පොඩ්ඩ නිදාගෙන තියෙන්නෙ අර ගෑනු ළමයගෙ මූණ ට හේත්තු වෙලා.
(Dialog ගිහින් එනකං කියලා Add 1ක් තියෙන්නේ එකේ ඉන්න ගෑණු ළමයා තමා වීදුරුවෙ අලවලා තිබුනේ )